වවුනියාවේ නෙඩුන්කේණි විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ තරුණයන් දෙදෙනා වභාම අත්අඩංගුවට ගන්නා ලෙස පොළීසියට හා අධ්‍යාපන බලධාරින්ට බල කරමින්
නෙඩුන්කේණි වැසියෝ ඊයේ (26දා) උදෑසන නගරය පුරා පෙළපාළි ගියහ.
ඔවුන් කියා සිටියේ පසුගිය 22 වැනිදා පාසලේ පැවැත්වුණු අමතර පංතියක් සඳහා මේ ශිෂයාව සහභාගි වී ආපසු නිවෙස බලා යාමට සුදානමින් යන අතරතුර පාසලේ ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීම්වලට පැමිණ සිටින තරුණයන්
වයස අවුරුදු අටක් වන මේ දැරිය ඔවුන්ගෙන් මිදී පලාගොස් වෙළදසැල් හිමියකුට මේ බව දැන්වීමෙන් පසුව ඔහු සිද්ධිය පොලිසියට දන්වා ඇතත් පොලිසියෙන් ඊට සාධාරණයක් ඉටු නොවූ බව විරෝධතාව පැවැත්වූ පිරිස කියා සිටියහ.
ඔවුන් නෙඩුන්කේණි නගරය පුරා පෙළපාළි ගොස් නෙඩුන්කේණි ප්‍රාදේශීය ලේකම් එම්. පීරනිතාමනී මහතා වෙත පෙත්සමක් භාරදී තිබේ. එම පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ පොලිසියට මේ බව දන්වා අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන ලෙසයි.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ