නොබෝ දිනකින්ම කොළඹදී විවෘත කිරීමට නියමිත  සන්නිවේදන, උත්සව ශාලා හා සංචාරක මර්මස්ථානය
නෙළුම් කුළුණ ජනපති මෛත්‍රිපාල සිරිසේන අතින් විවෘත වන බව දන්වා අද දින ජාතික පුවත්පත් වල සම්පූර්ණ පිටු වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කර තිබේ.
මෙම ඉදිකිරීම පසුගිය රජය කාලයේ ආරම්භවූ අවස්ථාවේ

මුදල් නාස්තියක් ලෙස විවේචන පළවූ අතරම සැබෑ ලෙසම  රුපියල් මිලියන 5,475 ක අලාභයක් සමඟින් එය අවසන් කිරන්නට සිදුවූයේ  2015 මාර්තු මාසයේ අවසන් කිරීමට නියමිතවූ මෙම ව්‍යාපෘතිය මෛත්‍රිපාල රජය යටතේ වසර 4 කට වැඩි ප්‍රමාදයකින් අවසන් කිරීම නිසාය.