බුර්කාව පැළදීමේ තහනම  හදිසි නීතිය යටතේ ඉවත්ව ගියද ඌව පළාත තුළ එම තහනම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පොලිසියට  උපදෙස් දී තිබෙන බව ඌව ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

මේ අනුව ඌව පළාතේ කිසියම් හෝ

ස්ථානයක යමෙකු බුර්කාව පැළඳ ගැවසී සිටින්නේ නම් ඔවුන්ව අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුවනු ඇතැයිද ආණ්ඩුකාරවරයා පැවසීය.

ඌව ප්‍රජා ගුවන් විදුළි සේවය සමගින් සිදුකළ සජීවී සංවාදයකට එක්වෙමින් බුර්කා තහනම හා ජාතික ආරක්ෂාව පිළිබද නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ආණ්ඩුකාරවරයා මේ අදහස් පළකර සිටියේය.

“ආගමක් වෙනුවෙන් රටත් ජාතියක්  ජනතාවත් පරදුවට තබන්න බැහැ. මම  අන්තවාදියෙක් නෙවෙයි. මෙරට මුස්ලිම් ජනතාවට අමාරුම අවස්ථාවේ මම ඥානසාර හාමුදුරුවන්ට විරුද්ධවත් පෙනී සිටපු කෙනෙක්. මුස්ලිම් වේවා බෞද්ධ වේවා දෙමළ වේවා ඔය කියන කුමන ආකාරයේ අන්තවාදයකටත් මම විරුද්ධයි.“

(එෆ්.අස්ලම්)