දකුණේ මතුව ඇති අර්බුදකාරී දේශපාලන වාතාවරණය යටතේ
දැනට දකුණේ නම් ප්‍රකාශ වී ඇති කිසිදු අපේක්ෂකයකු සම්බන්ධයෙන් දමිළ ජනතාවට විශ්වාසයක් තැබිය නොහැකි නිසා මෙසේ ජන්ද වර්ජනයකට යා යුතු බවට දෙමළ සන්ධානය තුළ ඇතැම් පිරිස් අදහස් දක්වා ඇත.
ඒ අනුව සමස්ත ලංකා දමිළ කොංග්‍රසයේ නායක ගජන් පොන්නම්බලම් දැනටමත් උතුරේ දමිළ ජාතිකයන් ජනාධිපතිවරණයේදී ඡන්ද වර්ජනයකට යායුතු බව පුසිද්ධියේ අදහස් පළ කර ඇත.
මේ අතර විග්නේශ්වරන් දන්වා සිටියේ දෙමළ ඡන්ද ගොඩ වෙනත් අයට වාසි පිණිස ලබාදෙනු වෙනුවට තමන් තනිව තරග කිරීමට සූදානම් බවකි.