එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයකු ලෙස මහාචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා
ජාතික සංවර්ධන පෙරමුණෙන්
තරග කරන බව පෙරේදා (25 දා)  කොළඹ  පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය. ඊට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම එළඹෙන සිකුරාදා දින එනම් අද (27දා) තැම්පත් කරන බව හෙතෙම සඳහන් කළේය.
විකල්ප අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවද තම ඡන්ද සලකුණ වන්නේ පොල් ගෙඩිය බවද මහාචාර්‍ය රොභාන් පල්ලෙවත්ත මහතා ප්‍රකාශ කළේය.

නුවන් හෙට්ටිආරච්චි