ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නය ජලයෙන් යටවීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ ආසන්න දියවන්නා
ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය මේ වන විටත් ජලයෙන් යට වී ඇති අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉතා ආසන්නයටම ජල මට්ටම පැමිණ තිබෙනවා.

මේ වන විට ආරක්ෂක අංශ විසින් වැලි කොට්ට යොදා එය පාලනය කිරීමට සූදානමින් සිටියි.

අද දිනයේ ද වැසි ඇද වැටුණොත් පාර්ලිමේන්තුවේ බිම් මහලට ජලය ගලනු ඇතැයි සේවකයන් පවසනවා.