ශ්‍රී ලංකාවේදී පසුගියදා නිමා වූ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේදී අසාදු ලේඛනගත (බිලැක් ලිස්ට් වුණු) ඡායාරූප ශිල්පියෙක්ට ක්‍රිකට් තරග ආවරණය කරන්න අවස්ථාව ලබා දී ඇතැයි වාර්තා වේ.

මීට පෙර අවස්ථාවකදී එම ඡායාරූප ශිල්පියාගේ බිරිදට විදෙස් රටක ක්‍රිකට් තරගාවලියක් ආවරණය කරන්න ව්‍යාජ මාධ්‍ය හැඳුනුම්පතක් සකස් කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට පැවැත්වෙන මොන යම් හෝ (ශ්‍රී ලංකා ක්‍රිකටී ආයතනයේ අනුග්‍රහය මත) ක්‍රිකටි තරගාවලියක් ආවරණය
කිරීම තහනම් කර තිබුණි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානයේ මෙරට පවතින සමයේ එහි විවිධ කටයුතු ආවරණය කරමින් යළිත් ක්‍රිකට් තරග ආවරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළත්, ඊට ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමි නොවුණි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් වීමත් සමග "බිලැක් ලිස්ට්' වුණු මෙම ඡායාරූප ශිල්පියාට යළිත් ක්‍රිකට් තරග ආවරණය කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොඩිරිගෝ මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ ආසියානු ක්‍රිකටි කවුක්සිලයේ ලිඛිත ඉල්ලීම මත මෙම අවස්ථාව ලබා දුන් බවත්,
මම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසි විටෙකත් ඡායාරූප සැපයීම නොකරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට මොනයම් හෝ ආකාරයකින් කොන්ත්‍රාත්තුවක් ලබා දී නොමැති බවත්ය.

‘ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලියක් නෙමෙයි, එය ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගාවලියක්. ඔවුන්ගේ ලිඛිත ඉල්ලීමක් තිබුණු නිසයි අපි ඔහුට එම අවස්ථාව ලබා දුන්නේ. අපේ තරගාවලියක් නොවන නිසා එහි සම්පූර්ණ වගකීම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ" යැයි මාධ්‍ය කළමනාකාරවයා වැඩිදුරටත් පවසා සිටියේය.

පැතුම් ශ්‍රී විජේරත්න