අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ප්‍රසන්න විතානගේ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) සිතාසි නිකුත් කළා.
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුව
ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්‍ෂිකරුවන් ලෙස අධිකරණයේ පෙනී සිටින ලෙසට ප්‍රසන්න විතානගේ මහතාට සිතාසි නිකුත් කර තිබේ.
උසාවිය නිහඩයි නමින් ඔහු නිර්මාණය කළ චිත්‍රපටය සම්බන්ධයෙන්ද අධිකරණයට චෝදනා තිබෙන බව රන්ජන්ගේ නඩුවේදී
කරුණු හෙළීවීම මත මෙම කැඳවීම කර ඇත.

මෙම නඩුවට අදාළ සාක්‍ෂිකරුවන් දෙදෙනාට ලබන මස 30 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරුණා. විනිසුරුවරුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමසීමට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා කැඳවන බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී  සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. මීට අමතරව උසාවිය නිහඬයි චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන ප්‍රසන්න විතානගේ මහතා කැඳවන බව ද විත්ති පාර්ශ්වයේ නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළා. රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා සාක්‍ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ විනිසුරුවරුන් 3 දෙනෙකුගේ දූෂිත ක්‍රියා හෙළි කරමින් 2002 වසරේ තමන් නොනිමි අරගලය කෘතිය රචනා කළ බවයි. එහිදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා හා විනිසුරු උපාලි අබේරත්න යන මහත්වරුන්ගේ දූෂිත ක්‍රියා හෙළිකර ඇති බව ප්‍රකාශ කළා. මෙම නඩුව අද දිනයේ කැඳවනු ලැබුවේ විනිසුරු සිසිර ද ආබෘෘ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදීය.