ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයා දැක්වු විරෝධතාවය ඉවත දමමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම කළේ පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මුලික අයිතිවාසිකම් කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂික ලේකම්වරයාට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති ඇතුළු පිරිසට එරෙහිව ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (25) සලකා බැලු අවස්ථාවේදීය.
අගවිනිසුරු ජයන්ත ජයසුරිය (සභාපති), බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීගෙන් යුතු සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් 12 සලකා බැලිණි. නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමින් මෙසේද කීය.
"අනිවාර්ය නිවඩු යවා සිටින පොලිස්පතිවරයා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය මට එරෙහිව අපරාධ සහ කුමණ්ත්‍රණ චෝදදනා එල්ලකර තිබෙනවා. මා ජනාධිපති හා එක්ව පොලිස්පතිවරයා ඉවත් කරන්න කුමන්ත්‍රණය කරන බව චෝදනා කර තිබෙනවා. එය සම්පුර්ණ අසත්‍යයක්. පොලිස්පතිවරයා සිය යුතුකම් සහ රාජකාරිය නිසි ආකාරයෙන් සිදු කළා නම්, පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්විය හැකිව තිබුණා. එහෙයින් මෙම දිවුරුම් පෙත්සම් ඉවත් කරගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා." අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති
මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු ඍජුව ලැබෙන්නේ ජාතික බුද්ධි සේවාවේ අධ්යක්ෂවරයා වෙතයි. එය පොලිස්පතිවරයා යටතේ පවතින ආයතනයක් නොවෙයි. මෙම තොරතුරු පොලිස්පතිවරයාට ලැබුණේ පසුගිය අප්‍රේල් 9 වැනිදායි. එය ලැබුණු ආකාරය අනුව සහරාන් හෂිම් විසින් ප්‍රහාරයක් එල්ල කරන බවයි කියැවුණේ.
ප්‍රහාරය මරාගෙන මැරෙන ආකාරයේ එකක් හෝ වෙනස් ආකාරයක එකක් බවත් කියැවුණා. ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් කියැවුණා. මේ පිළිබඳව මගේ සේවාදායකයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කළා. නමුත් පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කළේ නැහැ. මේපිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා."
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා : මේ වාර්තාව අනික් පාර්ශ්වය ලබා දී තිබෙනවාද ?
නිතිඥ වීරාන් කොරයා: නැහැ.
අගවිනිසුරු: එසේ නම් එය පිළිගත නොහැකියි.
විනිසුරු සිසිර ද ආබෘ: මේ පිළිබඳ පළමුව තොරතුරු ලැබුණේ කවදාද?
පිළිතුර: 2018 අප්‍රේල් 08 වැනිදා. එහිදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ජාතික බුද්ධි කාර්යාංශයෙන් තොරතුරු ලැබුණා. ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලැබුණේ නැහැ.
විනිසුරු සිසිර ද ආබෲ: 2018 වසරේදී මේ පිළිබඳ තොරතුරු ලැබුණේ කවදාද ?
නිතිඥ වීරාන් කොරයා : 2019 අප්‍රේල් 09 වැනි දින එම දැනුම් දීමෙන් පසුව මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කළා.
විනිසුරු සිසිර ද ආබෲ: එතකොට අප්‍රේල් 21 වැනි දිනට පෙර දින මේ පිළිබඳව දැනුවත් වුණාද ?
නිතිඥ විරාන් කොරයා : අප්‍රේල් 20 වැනි දින දුරකථනය මඟින් පොලිස්පතිවරයා දැනුවත් කළා.
විනිසුරු සිසිර ද ආබෲ : පොලිස්පතිවරයා යටතේ සියලුමෙ පොලිස් ස්ථාන තිබෙනවා.විශේස කාර්ය බලකාය මෙම සම්පත් තියෙද්දී කිසිදු පියවරක් නොගත්තේ ඇයි?
නිතීඥ විරාන් කොරයා : මේ පිළිබඳව සමහර ජ්‍යෙෂඨ පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුනා. ගල්කිස්ස අධීකාරිවරයා දෙහිවල දෙව් මැඳුරට පොලිස් භටයින් දෙදෙනකු යොදවා තිබුණා.
විනිසුරු සිසිර ද ආබෲ : එතකොට කොච්චිකඩේ පල්ලියට ආරක්ෂාව යෙදුවේ නැද්ද?
නිතීඥ විරාන් කොරයා: නැහැ මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව වැඩිදුර විභාගය අදට (26) කල් තැබිණි.
-තිළිණි ද සිල්වා-