සිකුරාදා ලිපිය දීලා වෘත්තීය සමිති සඳුදා වර්ජනය කරනවා. විෂය භාර ඇමැතිවරයාට හැරත්න වලාවක් වත් නොදී කරන මේ ක්‍රියාමාර්ග අසාධාරණයි" රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන ඇමති රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
“අද වෘත්තීය සමිති කිසිදු ආචාරධර්ම අනුගමනය කිරීමකින් තොර කටයුතු කරනවා. එය කනගාටුවට කරුණක්" යැයි ඇමැතිවරයා අවධාරණය කරයි.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර එසේ සඳහන් කළේය.

පරිපාලන සේවා නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබාදීමට එරෙහිව පෙළා (2) රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් එක්දිනක වැඩ චනයක් දියත් කරන ලදී. මෙයින් රජයේ කාර්යාල යම් ප්‍රමාණයක කටයුතු අඩාල වූ අතර අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වූ කරුණු
සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය පරිපාලන අගමැතිවරයා මෙම සහ සාකච්ඡාව කැඳවා ඇත.

මෙහි දී කරුණු දැක්වූ ඇමැති රංජීත් මදුමබණ්ඩාර යෝජිත දීමනාව පරිපාලන නිලධාරීන්ට ලබාදීම තුළින් රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල නිලධාරින්ට විශාල වැටුප් විෂමතාවකට ලක්වීමට සිදුවනවා. පරිපාලන නිලධාරීන්ගේ ඉල්ලීමට 2012 වසරේ සිට ඔවුන් මතු කළ කරුණක්. එම ඉල්ලීම මත පදනම්ව මෙම කැබිනට් පත්‍රිකාව ඉන්පත් කළා. ඉහළ ශ්‍රේණියට සවන් දුන්නා වගේම පහළ ශ්‍රේණියේ නිලධාරීන්ගේ හඩට සවන්දෙනවා.

'කෙසේ වුවත් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහය පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා පත්කළ රනුක්ගේ කමිටුවේ වාර්තාව මා අතට ලැබී තිබෙනවා. එයට අනුව සියලු නිලධාරීන්ගේ මූලික වැටුප් ඉහළ යමක් සිදුවෙනවා. එකී යෝජනා ලබන වසරේ ජූලී මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.''

‘අදාළ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ඉල්ලීම් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරීපත් කරනවා. මේ තරමි සේවාවක් රාජ්‍ය සේවාව වෙනුවෙන් සිදුකරමින් සිටියදී අද දවසේ වත්තීය සමිති ක්‍රියා වන ආකාරය පිළිබඳ කනගාටු වෙනවා. මැතිවරණයක් ආසන්නයේ සිටියදී මෙසේ ක්‍රියා කිරීම ප්‍රතිවිරුද්ධ දේශපාලන පාර්ශවයන්ට අනියමින් උදවු දීමක් ලෙසයි මා දකින්නේ. ඕනෑම කටයුත්තකදි  එයට සාධාරණ කාලයක් දිය යුතු වුවත් එක් දිනයක් තුළ මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම කිසිසේත් අනුමත කරන්නේ නැහැයි ඇමැති  මද්දුමබණ්ඩාර පැවසීය.

ජේ.ටී.ද සිල්වා