සමාජ මාධ්‍යයේ පළවෙන නවකවද සිදුවීම පැරණි එකක් බවත් වසර 5ක් තුළ නවකවදය නිසා සරසවිය හැරගිය සිසු සිසුවියන් යළි බඳවා ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරත්න මහතා පැවසීය.
එම විශ්වවිද්‍යාලයේදී පෙරේදා (25දා) සවස පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අසහස් පළ කළ ඒ මහතා,
“මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සිසුන් පිරිසක් විසින් නවක සිසුවියන්ට ලබාදෙන නවකවද සිදුවීම සම්බන්ධ විඩියෝ පටය සම්බන්ධවයි. මේ වීඩියෝ පටය සත්‍ය ඒකක්, නමුත් මේක පැරණි සිද්ධියක්, මෙය සිදුවෙලා තියන බවට මට වාර්තා වෙන්නේ 2019 වර්ෂයේ මාර්තු 13 හෝ 14 යන දින දෙකෙන් එකකයි. මම උපකුපතිවරයා හැටියට පත්වුණේ 2019 මාර්තු 9 වනදා.
ඒ වගේම මාර්තු මාසයේ නවකවදයට ගොදුරු වූ එම දරුවන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ සිදුවීම පිළිබඳව මට ලිඛිතව වාර්තා කරන්න, එතකොට අපට පරික්ෂණවලට පහසුයි. අද වෙනකල් මේ සිදුවීම සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් මට ලැබී නැහැ. මම නීති අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරීවරයා සහ පාලක මණ්ඩල සාමාජිකයන් සමග සාකච්ඡා කරලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා.
ඒ වගේම විශ්වවිද්‍යාලයේ සනාතන සභාව තීන්දු කරලා තියෙනවා පසුගිය වසර 5 තුළ අප සරසවියේ නවකවදය නිසා දාලා ගිය සිසු සිසුවියන්ට කැඳවීමේ ලිපියක් යවන්න, ඇවිත් ඉගෙන ගන්නෙ උපාධිය අවසන් වෙනකල් ආරක්ෂා කරනවා කියල . ඒ අයගේ තොරතුරු හොයා බලා ඇතුළත් කරගන්න කටයුතු කරනවා" යැයිද පවසා සිටියේස්ය.
මහේෂ් මලවරආරච්චි