අනුරාධපුර “සඳහිරු සෑයේ" තැන්පත් කිරීම සඳහා කිලෝ ග්‍රෑම් 8ක බරකින් යුත් සමාධි බුදු පිළිමයක් නිරිමාණය කිරීම සදහා ශ්‍රී ලංකා රේගුව සතු රත්රන් ලබාදී සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රේගු අධ්යක්ෂ ජනරාල්වරයකු සහ හිටපු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරයකු වහාම
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඊයේ නියෝග කළේය.
ඒ අනුව මෙලෙස නියෝග නිකුත්වූයේ හිටපු රේගු අධ්යක්ෂ ජනරාල්වරයකු වන ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන මහත්වරුන් වෙතය.එසේ මෙම සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කරන ලදි.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල දූෂණ මර්දන කමිටු ලේකම්
කුමන්ත්‍රණය කිරිමේ පදනම මත ශ්‍රී ලංකා රේගුව සතුව තිබූ රත්රන් කිලෝ ග්‍රෑම් 8ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරිමේ වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102 සහ 388 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම සහ 1982 අංක 12 දරණෙ පොදු දේපළ විෂයෙහිලා ගැනෙන වරදක් සිදුකිරිමට අදාළව මොවුන් දෙදෙනා සැකකරුවන් ලෙසට නම්කොට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා ඉකුත් 17 වැනිදා උපදෙස් ලබා දුන් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද රත්රන් තොගයකින් කිලෝ 8ක් එවකට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නාවික හමුදාව වෙත රේගු ආඥා පනතට හා විනිමය ආඥා පනතට පටහැනිව නිකුත් කර ඇති බවට පැමිණිල්ල සදහන් කර ඇති බවත් ඒ අනුව මෙම විමර්ශනය ආරම්භ කර එවකට යාපනය රේගු අධිකාරි කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ නියෝජ්‍ය රේගු අධිකාරි කීර්ති ප්‍රියදර්ශන හේරත් මහතා කැඳවා ප්‍රකාශ සටහන්කර ගත් බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
වර්ෂ 2014 ඔක්තෝම්බර් මස 01 දින උතුරු මාදගල් මුහුදේදී නීති විරෝධි ලෙස සැකකටයුතු පුද්ගලයින් දෙදෙනකු විසින් රැගෙන යමින් තිබූ රත්රන් කිලෝ 45.3කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අන්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුන් දෙදෙනා සහ රත්රන් තොගය නාවික හමුදාව විසින් යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇති බවත් මෙම ප්රකාශවලදි අනාරණයවි ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොඨාසය සඳහන් කර ඇත.
පසුව එම සැකකරුවන් දෙදෙනාට විරුද්ධව නඩු පැවරීමක් සිදුකර අදාළ රත්රන් තොගය රාජසන්තක කිරීමට ද කටයුතු යොදා ඇති බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. එසේම, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් මත ඒ වනවිට ඉදිකරමින් පැවැති "සඳහිරු සෑ" දගැබේ බුදුරජාණන් වහන්සේගේ රත්රන් ප්‍රතිමාවක් නිර්මාණය කර තැන්පත් කිරීමේ කටයුතු සඳහා අදාළ රත්රන් තොගයෙන් කිලෝග්‍රෑම් 8ක ප්‍රමාණයක් භාවිත කිරීමට එවකට නාවික හමුදාපති විසින් හෝ වග කිවයුතු නිලධාරියකු විසින් ඉල්ලිමක් සිදුකර ඇත්දැයි යන්න සමිබන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එම විමර්ශනයට අනුව එවකට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආරක්ෂක මණ්ඩලයෙන් ගන්නා ලද තීරණයකට අනුව ඉදිකරමින් පැවැති "සඳහිරු සෑයේ" රන් සමාධි පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම සඳහා තීරණයකට එළැඹි බවත් එම පිළිම වහන්සේ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය රත්රන් රජය සතු රන් සංචිතවලින් ලබා ගැනීමට එවකට ආරක්ෂක ලේකම්වරයා වෙත අනුමැතිය ලබාදිමක් සිදුකර ඇති බවටත් කරුණුඅනාවරණයවී ඇතැයි ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ පිළිම වහන්සේ නිරිමාණය කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන රත්රන් ප්‍රමාණය ලබා ගැනීමට එවකට නාවික හමුදාපතිවරයාට උපදෙස් ලබා දී ඇති අතර, එවකට සිටි රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් විජේවිර මහතාට ද ගෝඨාභය මහතා විසින් දුරකතන ඇමතුමක් ද ලබාදී ඇති බවටත් කරුණු අනාවරණය වන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
පසුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද ලිපියක් හිටපු රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර ඇති බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කර ඇත.
රත්රන් ග්‍රෑම් 8118.3ක් බර කැරට් 24 රත්රන් බිස්කට් තොගය ඉකුත් 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනි එවකට නාවික හමුදාපතීවරයා යොමු කරන ලද රියර් අද්මිරාල් රොසයිරෝ ඇතුළු නිලධාරීන් වෙත රේගුව මඟින් භාරදී ඇති අතර, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ජාතික අනුරු පාසලේ අධ්‍යක්ෂකවරයා හා ශිල්පීන්ගේද සහාය ඇතිව වැලිසර නාවික හමුදා කදවුරේදි අදාළ රන් පිළිමය නිරමාණය කර ඇති බවට ද කරුණු අනාවරණය වන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කර ඇත.
මෙම රන් ප්‍රමාණයට තවත් රන් ප්‍රමාණයක් රාජ්‍ය බැංකුවකින් ලබාගන්න තිබූ බවද පොලීසිය අධිකරණයට සඳහන් කර තිබිණි. පසුව, ග්‍රෑම් 9706ක් බර සමාධි බුදු පිළිම වහන්සේ ඉකුත් 2014 නොවැම්බර් මස 23 වැනිදා අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කරනු ලැබ ඇති බව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර
ඇත.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණෙය සැකකරුවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කරමින් සැකකරුවන් විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළේය.
-නිමන්ති රණසිංහ-