දකුණු ඉන්දීය විකට නළුවකු වන සතීස් කුමාර් ප්‍රභාකරන්ගේ නිවෙස වෙත පැමිණ නිවසට වැඳ හඩා වැටීම් සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශ පරීක්ෂණ
ආරම්භ කොට තිබේ.එම්. සතීස් කුමාර්
යාපනයට පැමිණ 23දා ප්‍රභාකරන්ගේ නිවෙස ඉදිරිපිටට ගොස් හඬා වැලපී තිබේ.

යාපනයේ ආරක්ෂක අංශ පැවැසුවේ ප්‍රභාකරන්ගේ නිවෙසට යෑම සඳහා කිසිදු තනමක් නැතත් ඔහු මේ ස්ථානයට පැමිණියේ කවර අරමුණක් සඳහාද ඔහුව යාපනයට කැඳවන ලද්දේ කවුරුන් විසින්ද යන්න පිළිබදචපණ පවත්වන බවයි.
ලංකාවට එම නළුවා පැමිණීමට හේතුව අනාවරණය වී නැතත් ඔහු යාපනයේ වැවතුරෙයි ප්‍රදේශයේ පිහිටි ප්‍රභාකරන්ගේ නිවෙස වෙත ගොස් නිවෙසට වැඳ ඒ ඉදිරිපිට හඩා වැලපී තිබේ. මේ නළුවා පමණක් ඒ ස්ථානයට ගොස් වන්දිමින් හඬමින් සිටි අවස්ථාවේදී එම මාර්ගයේ ගමන් කළ පීරිස ඔහුව පිසක් ලෙස හඳුන්වා ඇති අතර ස්වල්ප වේලාවකට පසුව මේ ඉන්දීය විකට නළු සතීස් කුමාර් දන්නා අයකු එම ස්ථානයට පැමිණ ඔහුව හඳුනාගෙන කතාබහ කොට තිබේ.

 වවුනියාව - රසාදී චතුරංගි ගමගේ