රජයේ අයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවා සංගමය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව, රජයේ විද්‍යාත්මක නිලධාරීන්ගේ සංගමය,
විධායක සේවාවන් නොසලකා හරිමින් නීතිපති සහ නීති කෙටුම්පත් සම්පාදක යන දෙපාර්තමේන්තුවල සහ අධිකරණ සේවාවට අයත් විධායක නිලධාරීන්ගේ පමණක් වැටුප් හා දීමනා ඉහළ දමා ඇතැයි ද ඒ නිසා සෙසු සේවාවන්හි බරපතළ වැටුප් විෂමතාවක් නිර්මාණය කර ඇතැයි ද එම ඒකාබද්ධ කමිටුව පවසයි.
තමන්ට සිදු වී ඇති අසාධාරණයට විසඳුමක් දෙන ලෙස බල කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ද එම කමිටුව ප්‍රකාශ කරයි.
නිලන්ත මදුරාවල