මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රි ලංකා පොදු ජන පරමුණේ ජනාධිපති අපේක්ෂිත ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවාද? නැද්ද? සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂිය අද (30) අවසන් තීරණයක් ගැනීමට 
නියමිතය.ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවෙසේදී රැස්වේ.
ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවට නවයක් පමණ මීට පෙර පැවැති අතර එහිදී ප්‍රතිත්තිමය කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකගතාවකට පැමිණ තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරන පොහොට්ටුව ලකුණ සම්බන්දයෙන් දෙපාර්ශවය මත දෙකක සිටින නිසා මෙතෙක් අවසන් තීරණයක් ගැනීමට නොහැකි විය.
පොහොට්ටුව ලකුණ වෙනස් කළ නොහැකි බව ශ්‍රී ලංකා ප‍ොදු ජන පෙරමුණ ප්‍රකාශ කර ඇති අතර එය වෙනස් කර වෙනත් පොදු ලකුණක් යොදා ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායම ද ජනාධිපති මන්ත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වෙයෙන් ඉකුත් සිකුරාදා (27) රාත්‍රියේ ජනාධිපති නිල නිවෙසේදී රැස් වූ අතර එහිදීත් ලකුණ සම්බන්ධයෙන් පැය තුනකට අධික කාලයක් තිස්සේ සාකච්ඡා වී ඇත.
පොහොට්ටුව ලකුණ වෙනස් කර වෙනත් පොදු ලකුණකට යා යුතු බව එහිදී මන්ත්‍රීවරුන් වැඩි දෙනකු පවසා ඇති බව වාර්තා විය. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ඡනාධිපතිවරණ අපේක්ෂික ගෝඨාභය රාඡපක්ෂ.පොදු ජන පෙරමුණේ නායක සංවිධාංයක බැසිල් රාඡපක්ෂ යන මහත්වරුන් සමග සියළුම කරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයීන් අතර හමුවක් ද පෙරේදා (23) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිටී ගුණසේකර, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, පිවිතුරු හෙළ උරුමයේ නායීක උදය ගමන්පිල, ජාතික නිදහස් පෙරඹුණේ නායක විමල් වීරවංශ. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, අසංක නවරත්න, ඩී. කලන්සුරිය යන පක්ෂ නායකයෝ ඊට සහභාගී වුහ.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමකි එකඟතාව පළ වි ඇති නමුත් ලකුණ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. ඒ අනුව පොහොට්ටුව ලකුණ වෙනුවට දෙපාර්ශවයටම එකඟ විය හැකි වෙනත් ලකුණක් යොදා ගැනීම නම් මන්ත්‍රී කණ්ඩායමේ ඉල්ලීම බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
  -අජන්ත කුමාර අගලකඩ-