ආබාධිත රණවිරුවන්ගේ ගැටළුව හෙ(01) දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන. බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් අසළටම ගොස්
අද පොරොන්දු වූ පසු එම සත්‍යග්‍රහය අවසන් කර තිබේ.

අද(30) උදෑසන අබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීමට කොළඹ, කොටුව දුම්රිය පොළ
ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළේය.

රට දැය බේරාගත් විරෝධාර රණවිරුවන් වෙනුවෙන් තමා ලොකු වැඩක් සිදු කරන පුද්ගලයෙක් බවත් පැවසු අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් නිවාස හා ගෙවල් හදා ගැනීම ණය ලබා දී ඇති බවත් කියා සිටියේය.

රණවිරු ප්‍රජාවට ලබා දිය යුතු උපරිම සහය ලබා දෙන පුද්ගලයෙක් ලෙස ඔවුන්ගේ මෙම ගැටළුවලට පිළිතුරක් රැගෙන නැවත වතාවක් පැමිණෙන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද අද එම ස්ථානයට ගොස් තිබුණි.