දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඊයේ (17දා) අත්අඩංගුවට ගත් ඉංග්‍රීසි ගුරුවරයා වරද පිළිගැනීම හේතුවෙන් එළඹෙන 25 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් අමිල ආර්ය මහතා නියෝග කළේය.

මෙලෙස ඊමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ 36 හැවිරිදි එක් දරු පියෙකු වන පිරිවෙනක ගුරුවරයෙකි.

අතවරයට පත් දැරියන් දෙදෙනා පෙරේදා (16දා) රාත්‍රියේ සැකකරුගේ නිවසට ගොස් ඇත්තේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට බව සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වූ බව පොලීසිය පවසයි.

ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙම දැරියන් දෙදෙනා ගුරුවරයාගේ නිවසට යන විට නිවසේ සිට ඇත්තේ ගුරුවරයා පමණක් බවත්, සැකකරු ඔහුගේ බිරිදව ගේ නිවසට පිටත් කර යවා තිබූ බවත් පොලීසිය පවසයි.

මේහිදී සැකකරු උපක්‍රමශීලීව දැරියන් දෙදෙනා වෙන්කර ඔවුන් දෙදෙනාට වරින්වර ලිංගික අතවර කර ඇති බව පොලීසිය පවසයි.

දැරියන් පන්තිය නිමවනතෙක් සිට නිවසට ගොස් සිය දෙමාපියන්ට මේ බව දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි.කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

සැකකරු ඊයේ (17දා) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පැමිණල්ල වෙනුවෙන් නීතිඥ අරුණ දීපාල් මහතා පෙනී සිටිස්ය.

පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තුෂාර ද සිල්ව මහතාගේ උපදෙස් මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණ.



 බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ