කාන්තා හිත් කම්පා කරවන 2018 නොබෙල් සාම ත්‍යාගය දිනූ නාදියා මුරාද්ගේ The Last Girl හි සිංහල පරිවර්තනය වූ ‘ගිනි ගත් සඳ’ පිටපත් 500ක් පොත් ප්‍රදර්ශනයේ මුල් දින දෙක තුළ අලෙවි වී ඇත.
ප්‍රවීණ පත්රකලාවේදියකු වන රෝහණ වෙත්තසිංහ විසින් පරිවර්තනය කරන ලද ‘ගිනි ගත් සඳ’ තුළින් ත්රස්තවාදීන් කාන්තා ප්‍රජාව මිලේච්ඡ ලෙස හිංසාවට පත් කරන අයුරු අපූර්ව ලෙස පෙන්වා දෙයි.
රෝහණ විසින් මින් පෙර පරිවර්තනය කරන ලද ‘ඒරන්ගේ ලෝකය’ 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශ විය.