බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ලොව ප්‍රසිද්ධ සංචාරක සමාගමක් වන 'තෝමස් කුක්' හි  ව්‍යාපාර කටයුතු බංකොලොත්වී ඇතැයි එම සමාගම ඊයේ (23දා) නිල වශයෙන් නිවේදනය කළේය. සිය ව්‍යාපාරය කඩා වැටීම වැළැක්වීම සඳහා පසුගිය ඉරිදා දිනය වනවිට පවුම් මිලියන 200 ආයෝජනයක් සොයා ගැනීමටම එම සමාගම අපොහොසත්වීමත් සමගම මෙම තත්ත්වය උදා වී තිබේ.
ඒ අනුව මේ සංචාරක සමාගම හරහා ටිකක් පත් ලබා ගනිමින් බ්‍රිතාන්‍ය තුල මෙන්ම ලොව පුරා සංචාරයේ නිරත පිරිස් ඇතුළුව 600,000 කට ආසන්න පිරිසක් මින් දැඩි අර්බුදයකට පත්ව ඇතැයි පවසයි. තෝම්ස් කුක් සමාගම වසර 178ක ඉතිහාසයක් සහිත සමාගමකී.  ඒහෙත් ආසන්න වසර කිහිපයයේදී මෙම සමාගම එතරම් ලාභ නොලැබීම මෙම තත්ත්වයට මග උදාකර දී තිබුණි.

කෙසේ වෙතත් මෙම කඩාවැටීම වළක්වා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම එම සමාගමේ කොටස්කරුවන් සහ නව ආයෝජකයන් අතර සාකච්ඡාවට පැවැත්වුණි. එහෙත් එය අසාර්ථකවීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි සමාගම ඈවර කිරීමට සමාගමේ අධයක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

උද්ගතවී ඇති මේ තත්ත්වයත් සමගම තෝමස් කූක් සමාගම් හරහා ලොව පුරා සංචාරයේ යෙදී සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් 150,000 දෙනකු නැවතත් සිය මවුරට වෙත කැඳවා ගැනීම වෙනුවෙන් ගුවන් යානා කුලියට  ලබා ගැනීමකට යොමු වන බව බ්‍රිතාන්‍ය රජය පවසා ඇත. එම කටයුතු ඊයේ දිනයේ සිට ආරම්භ වී තිබේ.

බ්‍රිතානය සිවිල් ගුවන් සේවා අධිකාරියේද සහායෙන් සිදුකරන මෙම කටයුදී නොමිලේ මගීන්ට බ්‍රිතාන්‍ය වෙත පැමිණීමට පහසුකම් සලසා දී තිබේ. මේ අතර 'තෝමස් කුක්' සමාගමේ මෙහෙයුම් කටයුතු අඩපණවීමත් සමගම සමාගම යටතේ පවත්වාගෙන ගිය සියලුම සංචාරක නියෝජිත ආයතන සියල්ලම මේ වනවිට වසා දමා තිබේ.  ඒ අනුව ලොව පුරා එම සමාගම යටතේ සේවය කළ 22,000කට අධික පිරිසකට රැකියා අහිමී වී තිබේ. ඒ අතරින් 9,000ක් බ්‍රිතාන්‍ය වැසියෝ වෙති.