ත්‍රිරෝද රථය තුළ දරුවකු ප්‍රසූත කළ කාන්තාව, බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇගේ දරුවා මිය යන ලදැයි බේරුවල පොලීසිය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇත.

විවාහ මංගල උත්සවයකට සහභාගී වී ආපසු යමින් සිටි කාත්තාවක් මෙසේ පෙකණිවැල පිටින්ම පෙරේදා (17දා) දහවල් රෝහල්ගත කර ඇතැයිද බේරුවල පොලිස් ස්ථානාධිපති ජනක විතානගේ මහතා අධිකරණයට වාර්තා කර තිබුණි.

මේ අනුව බේරුවල පොලීසිය මේ සමිබන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ
කරුණු සැලකිල්ලට ගෙන කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා, මෙම මරණය පිළිබඳ මරණ පරීක්ෂණය පවත්වන ලෙස කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය  නිලධාරීයාට නියම කළාය.

බේරුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානගේ සහ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්දන තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත සැරයන් ජයන්ත සහ කොස්තාපල් ප්‍රදීප් යන මහත්වරු විසින් මේ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී.

කළුතර - සුනිල් එස්. තන්ත්‍රිආරච්චි