රට ගොඩ නැගීමේ වැඩසටහන වෙනුවෙන් තමන් සමග යළි එක්වන්නැයි පක්‍ෂයෙන් ඈත් වූ සියළු දෙනාට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇරයුම් කර තිබේ.

නිවේදනයක් නිකුත්
කරමින් ඔහු සඳහන් කළේ විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින සියළු පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන්ට මෙන්ම පක්‍ෂ නියෝජිතයින්ට ඇතුළු කි‍්‍රයාකාරීන්ට තමන් මෙලෙස ආරාධනා කරන බවයි.

විශේෂයෙන්ම පක්‍ෂයේ මහලේකම් ලෙස මින් ඉහත කටයුතු කළ  තිස්ස අත්තනායකටද ඒ සඳහා එක්වන ලෙස තමන් ආරාධනා කරන බව ප්‍රේමදාස මහතාගේ නිවේදනයේ දැක්වේ.
හිටපු මහලේකම් තිස්ස අත්තනායක මේ ගැන කැමැත්ත පළ කර තිබෙන අතර එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටි පාර්ශ්ව සමග එක්ව හෙට (25) දිනයේ ඔහු මාධ්‍ය හමුවක්ද පවත්වන්නට කටයුතු යොදා ඇත.