එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ පළමු ජනරැළිය ලබන 10 වනදා කොළඹ ගාලුමුවදොර
පිටියෙන් අරඹන බව
එක්සත් ජාතික පක්ෂ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ රටපුරා සිටින සියලු සංවිධායකවරුන් ලබන 30 වනදා සිට කොළඹට කැඳවන බව කී මහලේකම්වරයා ඔක්තෝබර් 03 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පක්ෂයේ මහ සම්මේලනය පවත්වන බවද කියා සිටියා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.