පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂිකයකු ලෙස ඉදිරිපත් කිරීමට කිසිඳු අදහසක් නැතැයි ද මධ්‍යම කාරක සභාව හෝ පක්ෂයේ සභාපතිවරයා හෝ මෙතෙක් එවැනි
තීන්දුවක් ගෙන නැතැයි ද ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර මහතා ඊයේ (24) පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයකු ලෙස කටයුතු කර නැවත ශ්‍රීලනිපය පැත්තට හා වෙල්ගම මන්ත්‍රීවරයා ගෝඨාභයව විරුද්ධව  කතා කරමින් මහින්ද රාජපක්ෂ මහතා ළග
දෙකට නැවෙන බවද ඔහු කීවේය‍ෙ.එවෙනි අයෙකු ගෝඨාභය සමග වැඩ කරන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භ කර ඇති සාකච්ඡා තවමත් අවසන් නැතැයි ද නායක දෙපළ සමග ඉදිරියටත් සාකච්ඡා පැවැත්වෙනු ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
පොහොට්ටුව සමග ඇත්තේ ලකුණ පිළිබද මතවාදයක් මිස ප්‍රතිපත්තිමය ගැටලුවක් නොවන බවද මන්ත්‍රීව්රයා පෙත්වා දුන්නේය.  පක්ෂයේ විනය කඩකළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනාගෙන් නිදහසට කරුණු විමසා චෝදනා පත් යවා ඇතැයිද ඒ අනුව ඔවුන් ඉදිරිපත් කර ඇති නිදහසට කරුණු පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බැවින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර විනය පරික්ෂණයක් ආරම්භ කිරීම විනය කමිටුව තීරණය කර ඇතැයිද ඔහු කිවේය.
කොළඹ 10 ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ ඛව කීවේය.කොළඔ 10 ඩාර්ලි පාරේ පිිහිටි ශ්‍රිලනිප මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මාධ්‍යෙව්දින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ ගැන කීවේය.

         (ජයන්ත සමරකෝන් )