අධිකරණ විනිසුරු ලෙස සේවය කරන ජී.කේ.එම්. පටබැඳිගේ මහතා (5) දින පුත්තලම මහ අධිකරණයේ දී අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙසේ නියෝග කෙරුණි.
මෙසේ සිර දඬුවම නියම වූයේ පල්ලම පොලිස් වසමේ ආඩිගම පදිංචි පත්තම් පෙරුම ආරච්චිගේ දොන් ප්‍රදීප් කුමාර (36) සහ හෙට්ටිආරච්චිගේ ඇනස්ලි රුක්මන් නැමති (41) නැමති දෙදෙනකුටය.
අදාල චුදිතයින් 2009 වසරේ අගෝස්තු මාසයේ 31 ආසන්න දිනයේ දී නාගල ආඩිගම ප්‍රදේශයේ පොල් ඉඩමකට කඩා වැදි සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ අදාළ ඉඩමේ මුරකරු ලෙස සේවය කළ
මෙහිදී අදාළ චූදිතයන්ගෙන් පළමු චුදින වූ පත්කම පෙරුම ආරච්චිගේ දොන් ප්‍රදීප් කුමාර නැමැත්තාට එක් එක් චෝදනාවන්ට වෙන් වෙන් ලෙස වසර 42 ක සිර දඬුවම් නියම කර තිබූ අතර එය වෙන් වෙන් ලෙස ගෙවි යන ලෙසට සිර දඬුවම් නියම කර තිබුණි.
ඒ සමග මෙහි දෙවන චුදිත වූ හෙට්ටිආරච්චිගේ ඇනස්ලි රුක්මන් නැමති චුදිතයාට නගා තිබු චෝදනා වෙනුවෙන් වසර 54 ක සිර දඬුවම් නියම කර තිබුණි. මෙහිදී අදාල චුදිතයාටද අදාළ සිර දඬුවම වෙන් වෙන් ලෙස ගෙවි යන ලෙස සිර දඬුවම නියම කිරීම විශේෂ විය.
මෙයට අමතරව සිද්ධියට මුහුණ දුන් කාන්තාවට එක් චුදිතයකු විසින් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ගෙවීමට ද මහ අධිකරණ විනිසුරුවරයා නියෝග කෙරුණි. ඒ සමගම එය නොගෙවන්නේ නම් ඒ සඳහා ද මෙම සිර දඬුවමට අදාළ ලෙස වසර 5ක සිර දඩුවමක් බරපතළ වැඩ සහිතව ගෙවී යන ලෙස නියම කර තිබුණි.
මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහ අධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයෙ දි ප්‍රකාශ කර සිටියේ මෙම චුදිනයගේ හැසිරීම බරපනළ වන අතර මෙහිදී මෙම කාන්තාව හාසනයට ලක්වීමක් පමණක් නොව චුදිනසින් ක්‍රියා කර ඇත්තේ තිරිසන් සත්තෙකුට නොගැලපෙන ආකරයටයි යනුවෙනි.
මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවන් රජයේ අධි නීතිඥ දේශාන් අලුවිහාරේ මහතා පෙනී සිටි අතර චුදිතයන් වෙනුවෙන් නිතීඥ දර්ශන කුරුප්පු මහතාගේ උපදෙස් මත නිතිඥ චින්තක උඩුදෙනිය මහතා
පෙනි සිටීම සිදුවිණි.
-හිරාන් ප්‍රියංකර ජයසිංහ-