එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන විජයදාස රාජපක්‍ෂ, දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, අශෝක ප‍්‍රියන්ත, ආනන්ද අලූත්ගමගේ යන මහත්වරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත්
ජාතික පක්‍ෂය තීරණය කර ඇති බවත් ඊට අදාළ ලිපි එම මන්ත‍්‍රීවරුන් 05 දෙනා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට එජාප මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ක‍්‍රියා කර ඇති බවත් ඊයේ වාර්තා විය.
තමන් ඇතුළු පස් දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කළ බවට
පක්‍ෂයෙන් ඉවත් කිරීමෙන් පසු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වී ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දෙනවා දැයි විමසූ විට තවම ස්ථිර නිගමනයකට නොපැමිණි බව ද ඒ ගැන පසුව ප‍්‍රකාශ කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
පක්‍ෂයෙන් ඉවත් කිරීම හා පක්‍ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ඒ මහතාගේ මතය කුමක්දැයි ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් විජයදාස රාජපක්‍ෂ මහතා එජාපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇසිය යුත්තේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් බව කියා සිටියේය.
නෝමන් පලිහවඩන