හිටපු හමුදාපති මහෙෂ් සේනානායක මහතා ඇමරිකානු රූකඩයක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

තමන්ගේ ආණ්ඩු සමයේදී
මහේෂ් සේනානායක මහතා ඇමරිකාවට පළා ගිය බවත් එම ආණ්ඩුව බිඳ වැටුණු පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ හමුදාපති වූ බවත් සිහිපත් කළ වීරවංශ මහතා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සිංහල ඡන්ද තීරු තීරුවලට කඩා දැමීමේ ඇමරිකානු වුවමනාව අනුව බවයි ප්‍රකාශ කළේ.

එසේම ඇමරිකාව විසින් සිංහල ඡන්ද කොටස්වලට කැඩීම සඳහා මහේෂ් සේනානායක මහතාට අමතරව තවත් අපේක්ෂකයින් ද යොදවා ඇති බව පෙන්වා දුන් ඒ මහතා එවැනි රූකඩවලට නොරැවටී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ පෙරේදා (22) පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ඇමරිකාවට ගොස් වසර 12ක් එහි ජීවත් වී ඇමරිකානු පුරවැසිභාවයත් ලබාගත් බව විමල් වීරවංශ මහතාට අමතක වී ඇති ආකාරයක් මින් පෙන්නුම් කෙරේ.