බලගොඩ දියවින්න ග්රාම සේවා වසමට අයත් රක්ෂිත ප්රදේශයක පදිංචිව සිටින එස්.ඩී. ලයානි පුෂ්පලතා නමැති දෙදරු මව මෙලෙස උපවාසයක නිරත වීය.
පසුව එම ස්ථානයට පැමිණි බලංගොඩ පොලීසියේ නිලධාරීන් , ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි සාලිකා රාජපක්ෂ මහත්මිය
පසුව අදාළ කාන්තාව ගසෙන් බැස තමන්ට සිදුව තිබෙන අසාධාරණ සම්බන්ධයෙන් බලධාරීන්ට චෝදනා කර සිටියාය. පසුව අදාළ කාන්තාව නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට කටයුතු කළද එහිදී එම කාන්තාව කියා සිටියේ අදාළ රක්ෂිත කලාපයේ තවත් පවුල් තුනක් පමණ ජීවත්වන බවත් ප්රදේශයේ ග්රාම නිලධාරිවරයාගේ උවමනා එපාකම්වලට මෙලෙස තමන්ට පමණක් නඩු පවරා ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් බලංගොඩ ප්රාදේශීය ලේකම් එච්.එම්.හේමන්ත බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය..
" මෙලෙස අනවසරෙන් රක්ෂිත ප්රදේශයක නිවාස ඉදිකර ඇති පවුලට එරහිව 2015 වසරේ තමයි නඩු පවරා තිබෙන්නේ. බලන්ගොඩ අධිකරණයෙන් සහ රත්නපුර මහා අධිකරණයෙන් තමයි නියෝග කරල තිබෙන්නේ මෙම රක්ෂිතය අනවසරයෙන් පදිංචි වී සිටින නිවස කඩා ඉවත් කරන්න කියලා. මේ සඳහා වෙනත් ප්රදේශයකින් ඉඩම් ලබාදෙන්න අවස්ථා කිහිපයකදීම එම කාතාව ඇතුළු පවුල සමග සාකච්ඡා කළා. නමුත් එම කාත්තාව එයට අකමැත්ත පළ කරනවා. එම ස්ථානයේ තමයි පදිංචිවෙලා ඉන්න හදන්නේ. තවත් පවුල් තුනක් එම රක්ෂිත කලාපයේ අනවසරයෙන් නිවාස ඉදිකරලා ජීවත්වෙන එක ඇත්ත. නමුත් ඒ අය මෙයට වසර ගණනාවකට පෙර පදිංචි වී සිටින අයයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්රික් මහ ලේකම්වරිය සමග සාකච්ඡා කිරීමට එම කාන්තාව බලංගොඩ පොලීසියේ නිලධාරීනියන් සහ ප්රාදේශීය ලේකම්වරයා විසින් එතුමිය හමුවට රැගෙන යෑමට ද කටයුතු කළා.”
බලගොඩ - රෝහණ වසන්න/ අජිත්ශාන්තලාල් උදය