කාන්තාවන් පමණක් සිටින වෙලෙඳසල්වලට ගනුදෙනුකරුවන් ලෙස ඇතුළු වී එම කාත්තාවගේ කටට හා අත් පාවලට සෙලොටේප් අලවා ඔවුන් පැළඳ සිටි රන් භාණ්ඩ මුදල් හා රන්බඩු පැහැරගත් තුන් දෙනාගේ කල්ලිය අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ
කොට්ඨාසය කියයි. ඔවුන් එලෙස කොල්ලකන ලද රුපියල් ලක්ෂ විස්සකට ආසන්න රන් ආභරණ විදුලි උපකරණ රැසක් හා කාන්තාවන් බියකිරිම සඳහා යොදා ගත් සෙල්ලම් පිස්තෝලයක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය මාසයක පමණ කාලයකදී මොරටුව, කහතුඩුව, නවගමුව, කොට්ටාව හා මහරගම
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරුවන් දෙදෙනා පිළියන්දල සිද්දමුල්ල හා ගල්කිස්ස බඩෝවිටදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සොරා ගන් රන් භාණ්ඩ පිළියන්දල, මොරටුව හා ගල්කිස්ස ප්‍රදේශවලට උකස් කර තිබියදීත්, අනෙකුත් භාණ්ඩ සැකකරුවන්ගේ නිවෙස්වල සඟවා තිබියදින් සොයා ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-