මෙවර ජනාධිපතිවරණය සඳහා ලී, ප්ලාස්ටික් හා කාඩ්බෝඩ් යන වර්ග තුනෙන්ම තැනූ ඡන්ද පෙට්ටි භාවිත කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙවර
ඡන්ද පත්‍රිකාව දිගින් අඩි 2ක් වන නිසා ඊට සරිලන
පරිදි ඡන්ද පෙට්ටි සංඛ්‍යාව වැඩි කිරීමට සිදුවන අතර ඒ නිසාම ඉහත කී විකල්පය තෝරාගැනීමට සිදුව ඇතැයිද එම ආරච්චි මාර්ග පවසයි.

මෙවර අලුතෙන්ම ඡන්ද පොළට එන කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි පරිසර හිතකාමීව ඉතා ආරක්ෂිතව නිෂ්පාදනය කෙරෙන්නක් බවද සඳහන් කරන එම ආරංචි මාර්ග ඒවායින් පෙට්ටි 12,500ක් පමණ මෙවර භාවිතයට ගැනීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය.  මෙම ඡන්ද 800ක් හෝ ඊට අඩුවෙන් ප්‍රකාශයට පත්වන ඡන්ද පොළවල් සඳහා ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිතයට ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.