දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවක නඳුන් නෙත්සරණ ඩයස් ගුණවර්ධන නමැති දරුවා අභිරහස් ලෙස නිවසේ ජනේලයේ එල්ලී
මියගොස් සිටියදී සිරුර හමු වී තිබුණි.
ගෙල වැලලාගෙන ඇති බවට නිවාසියන් විසින් මෙම දරුවා රෝහලට ඇතුලත් කර ඇති නමුත් එහිදි හෙළි වි ඇත්තේ මෙය ගෙල සිර කිරීමක් සිදු කර ඇති බවයි.
19 දින පෙරවරු 8.30 ට පමණ මියගිය පාසල් සිසුවා ගේ පියා සිය ව්‍යාපාරය සඳහා පිටත්ව ගොස් ඇති බවත්
වෙළඳසැලට ගොස් සිටි මව නැවත නිවසට පැමිණීමෙන් අනතුරු ව නිවසේ ජනේලයක එල්ලී සිටි දරුවා දැක ඇති අතර පසුව ඇය කෑගසා ප්‍රදේශවාසීන් ගෙන්වාගෙන සිසුවා කටුවන ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබේ.
රෝහලට රැගෙන යන විට සිසුවා මියගොස් සිටි බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය සිසුවාගේ මරණය පිළිබඳව සැක පහළ කර ඇති කටුවන රෝහලේ වෛද්‍යවරයා පොලීසියට සිද්ධිය වාර්තාකර තිබේ.
කටුවන පොලිසිය විසින් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකර වලස්මුල්ල අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
එහිදී සිදු කළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී දරුවාගේ ගෙල සිරකර සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කර ඇත. ඝාතනයට පෙර මෙම දරුවා අපයෝජනයට ලක්ව ඇත්දැයි පොලිසිය සැකපළකරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයේදී දරුවාගේ ඥාතියකු බව කියන මහියංගනය ප්‍රදේශයේ සිට පැමිණි 22 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.