නවතම කොන්ත්‍රාත්තුවට අනුව දෙවැනි තැන හිමිව ඇත්තේ . ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින නායක
දිමුත් කරුණාරත්නට හා හිටපු ටෙස්ට්
නායකයෙකු වන සුරංග ලක්මාල්ටයි.එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වසරක කාලයක් සඳහා තහනමට ලක් කර සිටින අකිල ධනංජයද 'D' කාණ්ඩය යටතේ වැඩිම මුදලක් ගෙවා කොන්ත්‍රාත් කර තිබීම විශේෂත්වයකි.
කෙසේ නමුත් උපුල් තරංග, අසේල ගුණරත්න, ෂෙහාන් මදුසංක, මලින්ද පුෂ්පකුමාර, භානුක රාජපක්ෂ, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස්, අශාන් ප්‍රියංජන් යන ක්‍රීඩකයින් එළඹෙන මාස 14ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගතව නොමැති බවද වාර්තා වේ.
එම ක්‍රීඩකයින්ට අමතරව පසුගිය වසරේදී පළමු පෙළ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 104 දෙනෙක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනය විසින් කොන්ත්‍රාත්තු ලබා දුන්නද මෙවර එම ක්‍රීඩකයින්ද කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් කර ඇති බව දැනගන්නට තිබේ.
එහෙත් පසුගිය වරට සාපේක්ෂව පළමු පෙළ තරගයක් ක්‍රීඩා කිරීම සඳහා ගෙවන මුදල් ප්‍රමාණය රුපියල් 7,500 සිට 12,000 දක්වා වැඩි කිරීමට සුදානමින් සිටින බවද ක්‍රිකට් අභ්‍යන්තර වාර්තා සඳහන් කර සිටියේය.