උඩහමුල්ල ඩිපෝව ආසන්නයේ ව්‍යාපාරික නිවසකට ඇතුළු වී ව්‍යාපාරිකයාගේ පියා බැඳ දමා රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ඉන්දියන් රන් හෙක් වර්ගයේ ගිරවුන් දහනව
දෙනකු කොල්ලකා රැගෙන ගිය තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (24) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. එලස කොල්ලකන ලද ගිරවුන්ගෙන් පස් දෙනකු පොලීසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වූවන් අතර ව්‍යාපාරිකයකු, ත්‍රිරෝද රථ රියදුරන් වෙත්ම සොරකම්
ගණනාවකට සම්බන්ධ පුද්ගලයකු ද වන බව පොලිසිය කියයි. ඉකුත් 09 වැනි දින රාත්‍රි හතයි තිහට පමණ ගිරවුන් මිලදී ගැනීමේ මුවාවෙන් නිවසට අතුලුවි තිබූ මෙම සැකකරුවන් තිදෙනා එම අවස්ථාවේ නිවසේ සිට ව්‍යාපාරිකයාගේ වයෝවෘද්ධ පියාගේ අත් පා හා කට බැඳ මෙම කොල්ලය සිදුකර තිබූ බව පොලිසිය කියයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල අනුව විමර්ශන පැවැත්විමේදී ගිරවුන් කොල්ලයට පැමිණි පුද්ගලයා එම නිවසේ සවිකර තිබු සී.සී.ට්.වී කැමරා පද්ධතියේ ඩි.වී.ආර්.කොටස්ද රැගෙන ගොස් තිබූ බව හෙළිවු බව පොලිසිය කියයි. මිරිහාන පොලිසියට ලද තොරතුරක් අනුව කවුඩාන අත්තිඩිය හා අඟුලාන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරිමේදී කොල්ලකෑ ගිරවුන්ගෙන් පස් දෙනෙකු කොල්ලකෑමට සම්බන්ධ ව්‍යාපාරිකයා හා ඔහුගේ මිතුරන් දෙදෙනකු සන්තකයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් තිදෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කරන බව ස්පොලිසිය කියයි.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-