නොවැම්බර් 17 වැනිදා සජීත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත් රනිල් වික්‍රමසිංහ අගමැති වීම අනිවාර්ය කරුණක් බවත්, වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට ජනපති අපේක්ෂකත්වය ලබාදී ඇත්තේ අගමැතිකම හා පක්ෂ නායකත්වය වීක්‍රමසිංහ මහතා සතුව තබා ගැනීමේ කොන්දේසිය මත බවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. තමා ජනාධිපති වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඒක පෑන් පහරකින්  ඉවත් කරන බවට සජිත් ප්‍රේමදාස මහතාට රටට කිව හැකිදැයි යනුවෙන් තමා අභියෝග කරන බවත් විජිත හේරත් මහතා පැවසීය.

ජාතික ජනතා බලවේගය මගින් සංවිධානය කළ උඩුනුවර වේහිරියේදී ඊයේ (29දා) පස්වරුවේ පැවැති ජනතා සභාවේදී ඒ මහතා මෙසේ පැවසුයේය. |එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා,

කිසිවිටෙක සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා එක පැන් පහරෙන් කපා දානව කියල කියන්නේ නෑ. එතුමා කියන්නේ මේක ජනාධිපතිවරණයක් පමණයි, අගමැති තෝරන ඡන්දයක් නොවෙයි අග්‍රාමාත්‍යවරයාත්, පක්ෂ නායකයත් රනිල් වික්‍රමසිංහම තමයි කියලා. කිසි වෙනසක් වෙන්නෙ නෑ, තමයි දැන් ඉන්න මෛත්‍රිපාල මහත්තයට අමාත්‍යාංශ 3ක් හරි තියනවා. ඒකත් නැතිවෙච්ච සජිත් ප්‍රේමදාස එතෙන්ට
රීප්ලේස් වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයන් හිතාගෙන ඉන්නවනම් සපිත් ආවම යු ඇන්පිය වෙනස් වෙයි, සජිත් ආවම දූෂිතයන් හොරු ටීක නැතිවෙයි කියලා. එහෙම වෙන්නෙ නෑ,
පහුගිය 19 වැනි සංශෝධනය සම්මත වීමත් සමග අලුත් ජනාධිපතිගේ බලය අඩුවෙලා තියෙනවා. 16 වැනිදා පත්වෙන ජනාධිපතිවරයට කිසිදු අමාත්‍යාංශයක ඇමැතිකමක්, වගකීමක් දරන්න බෑ. දැන් ඉන්න ජනාධිපතිවරයා අමාත්‍යංශ කිහිපයක වගකීම දරනවා. ඕන ඕන අවස්ථාවක අමාත්‍යංශ ගන්න පුළුවන්. ඒ සෙල්ලම්
ඊළගට එන ජනාධිපතිට කරන්න බෑ. එයා කිසිදු ඇමැතිකමක් දරන්නේ නැති ජනාධිපතිවරයෙක්. හැබැයි කැබිනට් එකේ ආණ්ඩුවේ ප්‍රධානියා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීමේ බලය ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය ඔහුට තියෙනවා, තනාපතිවරු පත්කිරීම් බලය තියෙනවා. ඕනම අපරාධකාරයෙකුට සමාව දීමේ අයිතියක් තියෙනවා.
ඔබට මතකයි . ආර්. ජයවර්ධන, මහින්ද රාජපක්ෂ මහත්තයල එහෙම සමාව දුන්නා. ඒ බලයත් ඉස්සරහට තියනවා. ඒ වගේම අවුරුදු හතරාමාරකින් පල්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයත් තිබෙනවා. ඒ නිසා හරී පැහැදිලියි. ජනාධිපති වූ පමණින්ම මේ රට වෙනස් කිරීමේ අසීමිත බලයක් ඉදිරි ජනාධිපතිවරයාට එන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස කියන්නේ අලුත් දෙනෙක් නෙමේ. ඔබ කවුරුත් දන්නවා ගෝෂ්ඨාභය ඡන්දෙට අලුත් වුණාට රාජපක්ෂ ආණ්ඩුවට, අපේ රටට අලුත් කෙනෙක් නෙමේ. ඔවුන්ගේ කඳවුරේ පාලනය අපි අත්දැක්කා. 2005 ඉදල 2015 දක්වා තිබූ රාජපක්ෂ ඒකාධිපති දූෂිත පවුල් පාලනයක්. එදා මේ රටේ 63 ලක්ෂයක ජනතාව ප්‍රතික්ෂේපෙ කළේ අන්න ඒ දූෂිත පවුල. සජිත් ප්‍රේමදාස මහතාද අලුත් අපේක්ෂකයෙක් නෙමේ. ඔහුද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහුගේ පියා රටේ ජනාධිපතිවරයෙක්. එතුමාගේ පැටිකිරිය කවුරුත් දන්නවා, එවන් චෝදනා නැති ජාතික ජනතා බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වන තම අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස පත්කරගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා." යැයි පැවසීය.

 චමිල් රූපසිංහ