ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමට කලාකරුවන් 2,000කට වැඩි පිරිසක් එකතු වී සිටින බව ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා
පැවසීය.  එම කලාකරුවන් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට පූර්ණ දායකත්ත්වය ලබා දී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.  සජිත් ප්‍රේමදාස මහතා කලාව ගැන ලොකු උනන්දුවක් දක්වන බවත්, ඔහු පසුගිය කාලයේදී කලාකරුවන් වෙනුවෙන් විශාල සේවයක් සිදු කර තිබෙන බවත් 
කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
දින‍ෙන් දින ජනතා ආකර්ෂණය දිනාගනිමින් සිටීන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ ඉදිරීයෙන්ම සිටින බවද හ‍ෙතෙම පැවසීය.කොළඹ 02, වොක්ෂල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ කලාකරුවන් පිරිසක් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.  එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රිකා ප‍ෙරේරා මහත්මිය සදහන් කළේ, සජීත් ප්‍රේමදාස මහතා දුගී දුප්පත් ජනතාවගේ හදවත හඳුනාගෙන සිටි නායකයෙකු බැවින් ඒ මහතාට මෙවර ජනාධිපතිවරණය පහසුවෙන් ජයගත හැකි බවත්, සජිත් ප්‍රේමදාස මහතා ජනතාවකින් විශ්වාසය සුරක්ෂිත කර ඇති බැවින් සියලු ක්ෂේත්‍රවල ජනයාගේ ආශිර්වාදය ඔහුට හිමිවන බවත්ය.

 එහිදී චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය සිය අදහස් දක්වමින් පවසා සිටියේ,
එතුමා කලාකරුවන්ට පමණක් නෙම‍ෙයි මේ රටේ දුප්පත් පොහොසත්, තරුණ, මහලු හැමෝම විශ්වාසය දිනාගෙන තිබෙනවා. එම විශ්වාසය රටට අනාගතය සඳහා හොඳටම ප්‍රමාණවත්. සෑම පුරවැසියකුටම සමානව  සැලකීමේ ගුණය එතුමා සතුව තිබෙනවා, රටට විශාල සේවාවක් කළ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ අඩිපාරේ යමින් ජනතාවට නිවාස ගම්මාන රැසක් ලබාදී තිබෙනවා. පසුගිය අවුරුදු හතරහමාර තුළ එතුමාට පැවරුණු රාජකාරීය නියම ආකාරයට ඉෂ්ට කර තිබ‍ෙනවා. අනාගතයේදී ජනාධිපතිවරයා වීම තුළ ඔහුට සෑම අංශයක් පිළිබඳ හොඳින් සොයාබලා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් අපට දකින්න ලැබේවා" යනුවෙනි.වීණා ජයකොඩි, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ද එහිදී අදහස් පළ කළහ.
-අමිත් මධුරංග-