මේ වසරේ පළමු මාස නවයක කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,607ක් වාර්තා වී ඇති අතර, එම ප්‍රමාණයෙන් රෝගීන් 10,625ක් වාර්තා වී ඇත්තේ කොළඹ,දිස්ත්‍රික්කය තුළින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන

රෝගීන් 10,625න් රෝගීන් 1,924ක් වාර්තා වී තිබෙන්නේ කොළඹ මහ නගර සභා බලසීමා තුළිනි. සමස්ත කාලය තුළ ඩෙංගු රෝගීන් 70කට අධික පිරිසක් මියගොස් තිබන අතර, මේ වසරේ ජනවාරි මාසයේදී රෝගීන් 5,580ක්,  පෙබරවාරි මාසයේදී රෝගීන් 3,736ක්, මාර්තු මාසයේදී රෝගීන් 3,832ක්, අප්‍රේල් මාසයේදී රෝගීන් 2,970ක්, මැයි මාසයේදී රෝගීන්  4,260ක්, ජුනි මාසයේදී රෝගීන් 5,996ක්,ජූලි මාසයේදී රෝගීන් 8,843ක්, අගෝස්තු  මාසයේදී රෝගීන් 9,459ක්, සැප්තැම්බර් මාසයේදී රෝගීන් 5,931ක්, වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 8,242ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,939ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,442ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 459ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 199ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන රෝගීන් 4,944ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,361ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,615ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,319ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 132ක්, මන්නාරම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 79ක්, වවුනියාව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 221ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් රෝගීන් 121ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,143ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 813ක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 967ක්, කුරුණගල දිස්ත්‍රිකයන් රෝගීන් 1,585ක්, පුත්තලම දිස්ත්‍රික්කයන් 726ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 511ක්,පොළාන්නරුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 266ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 759ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 333ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,440ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,936ක් වාර්තා වී ඇත.