අලි මිනිස් ගැටුම් ඇතුළුව විවධ ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 293 දෙනකු වසරේ මුල් මාස නවය තුළ මිය ගොස් ඇතැයි වනජිවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූර්යබණ්ඩාර මහතා පැවැසීය. වෙඩි තැබීම්, හක්ක පටස්,
විදුලි සැර වැද්දවීම්, දුම්රියේ ගැටිම් ආදී
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එවමින් ඔහු මේ බව කී බව පැවැසීය. වසරේ මේ දක්වා කාලය තුළ අලි මිනිස් ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 93 දෙනකු මිය ගොස් ඇති බවත් ඔහු කියා සිටියේය. 2018 වසරේදී අලි මිනිස් ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 96 දෙනකු මියගොස් ඇති අතර එම කාලය තුළ දී වන අලි 319ක් මියගිය බවත් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
2011 වසරේදී වන අලි සංගණනයක් අවසන් වරට සිදුකළ බවත් පැවසූ ඒ මහතා එහිදී වන අලින් 5876ක් වර්තා වූ බවත් සඳහන් කළේය. සංචාරක සංවර්ධන, වනජිවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ උපදෙස් මත අදාළ අමාත්‍යාංශ හා දේපාර්තමේන්තුවට සම්බන්ධ කරගනිමින් අලි මිනිස් ගැටලු අවම කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.
-නිමල කොඩිතුවක්කු-