කිතලවලාන නාල්ලේදී මාරක අනතුරක් සිදු කළ ටිපර් රථ රියදුරා, සිය කැමැත්තෙන්ම විවෘත අධිකරණයේදී රුපියල් ලක්ෂ විස්සක මුදලක් ගෙවීමෙන් අනතුරුව අත්තනගල්ල ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ මහතා විසින් ඊයේ (17දා) ඔහුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප නියම කළේය.මාරක අනතුරකට සම්බන්ධ
සැකකාර රියැදුරකුට
මෙලෙස ඇප නියම වුයේ නාල්ල ප්රදේශයේම සමාගමක ටිපර් රථයදුරෙකු වන මැණික් හිටිහාමු මුදියන්සේලාගේ සිසිර කුමාර බණ්ඩාර නමැතකුටයි. කිතලවලාන ගාල්ල ප්රදේශයේදීම පසුගියදා (07දා)
මෙම අනතුර සිදුවූ අතර සැකකාර රියදුරා පදවාගෙන පැමිණි ටිපර් රථයක හැපී දඹුව දෙල්වල පදිංචිව සිටි අපිත් ඒකනායක (35) නමැති දෙදරු පියෙකු බරපතළ තුවාල ලබා මිය ගියේය. අනතුරුව මේ පිළිබඳ පරික්ෂණ පැවැත්වූ මීරිගම පොලීසියේ රථවාහන අංශය, සැකකාර ටිපර් රථයදුරා අත්අඩංගුවට ගත් අතර රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකාර ටිපර් රයදුරා, ඊයේ (17දා) නැවත අධිකරණය ඉදිරියට කැඳවූ අවස්ථාවේ මිය ගිය අයගේ බිරිඳ හා දරුවන් දෙදෙනාද අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.
මෙහිදී අධිකරණයේ අවසරය පරිදි සැකකරු, සිය කැමැත්තෙන්ම විත්ති කුඩුවේ සිට සානුකම්පිත දීමනාවක් වශයෙන් මිය ගිය අය වෙනුවෙන් ඔහුගේ බිරිඳ වෙත වෙත රුපියල් ලක්ෂ විස්සක මුදලක් ගෙවීමට
කැමැත්ත පළ කළේය. ප්රධාන මහේස්ත්රාත්වරයා ඔහුට ශරිර ඇප නියම කළේ ඉන් අනතුරුවයි.
ඒ අනුව නැවත මෙම නඩුව කැඳවීම 2020/02/20 වැනිදාට කල්තැබුණු අතර සැකකාර රියැදුරා වෙනුවෙන් නීතිඥ අසේල අබේසුන්දර මහතා පෙනී සිටියේය. මියගිය අයගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ අයේෂා කුමාරී මහත්මියයි.
-අනාන්ද ඊ.ජයකොඩි-