කාර්යාල දුම්රිය 22ක් අද(04) ධාවනයේ යෙදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ දුම්රිය රියැදුරන් 22 දෙදෙනෙකු සේවයට වාර්තා කර ඇති බවය.

ඊයේ අත්‍යවශ්‍ය
සේවාවක් ලෙස දුම්රිය සේවය රජය ගැසට් කළද මෙම සේවකයින් එයට මෙල්ලවී නැති අයුරක් වාර්තාවී තිබේ.

වර්ජනයේ නිරත වූ සේවකයන් සමග අද රැස්වීමක් කැඳවා වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පැවසීය.

කෙසේවෙතත් දුර ගමන් සේවා සහ තැපැල් දුම්රිය සේවා තවමත් යථා තත්වයට පත්කර නොමැති බවද ඒ මහතා කීය.

ඊයේ(03)දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ගැටලුව විසඳෙනු ඇතැයි අනාවැකි පහළවූ නමුත් ජනතාව අදත් දුෂ්කරතාවේ හෙළමින් වැඩ වර්ජනය 9 වන දිනට අදත් ක්‍රියාත්මකය.