මැතිවරණ කොමිසමේ පැමිණිලි ඒකකවලට ඊයේ (09දා දින සවස 4.30ත් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණයට සම්බන්ධ පැමිණිලි හැට තුනක් ලැබී තිබේ.මෙම පැමිණිලිවලින් පැමිණිලි හතළිස් හයක් ජාතික
මැතිවරණ පැණිලි
කළමනාකරණ ඒකකයටත්, පැමිණිලි දාහතක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකවලටත් ලැබී ඇත. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකයට ලැබී තිබෙන පැමිණිලි 46ත් පැමිණිලි 45ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීර්ම පිළිබඳ හා එක් පැමිණිල්ලක් තර්ජනය කිරීමක් පිළිබඳ වාර්තා වී තිබේ. දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකවලට ලැබි තිබෙන පැමිණිලි 17ත් 16ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ හා එක් පැමිණිල්ලක් ප්‍රචණඩ ක්‍රියාවක් පිළිබඳ ලැබී ඇත.

එච්.අයි. තුෂාර