ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2017 වර්ෂයේ දී හදිසි ප්‍රසම්පාදන යටතේ බනිජ තෙල් ආනයනවය කිරීමේ දී රුපියල් කෝටි 29කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක
සභාව (කෝප්) මැසබයට පෙරේදා (23) ඉදිරිපත් කළ එහි නෙවැනි වාර්තාවේ සඳහන් වෙයි.

වාර ගිවිසුම ඉතිරිව තිබියදීත් එම වර්ෂයේ දී හදිසි 

ප්‍රසම්පාදන 11ක් සිදු කර තිබූ අතර, අදාළ නිෂ්පාදනවලට අයත් ගිවිසුම්වල ආන්තිකය සැසඳීමේ දී මෙම පාඩු සිදුවී තිබෙන බව ද වාර්තාවේ දැක්වෙයි.

ඛණිජ තෙල් සංස්ථාවේ 2017 වර්ෂයේ දී එළඹෙන ලද ගිවිසුම් 89කින් 43ක්ම හදිසි ප්‍රසම්පාදන යැයි ද කෝප් කමිටු වාර්තාවේ සඳහන් කරයි.
කෝප් කමිටු වාර්තාවේ මැතිසබයට පෙරේදා ඉදිරීපත් කරන ලැබුවේ එම කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි.
මේ අතර ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2011 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාලයේ දී කොන්ත්‍රාත් වටිනාකම් ඉක්මවා පිරිවැය දැරීම හේතුවෙන් ව්‍යාපෘති 127කින් රුපියල් කෝටි 157කට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ද කෝප් වාර්තාවේ දැක්වෙයි.

කෝප් කමිටුවේ තෙවැනි වාර්තාවට මැතිසබයට පෙරේදා රාජ්‍ය ආයතන 23කට අදාළව නිරික්ෂණ හා නිර්දේශ ඇතුළත් කරනු ලැබ ඇත.


 - සුජිත් හේවාජූලිගේ