මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ගෙවී ගිය දින කිහිපය තුළ ලබාදීමට ගිය රාජ්‍ය ආයතන පත්වීම් පන්දහසක් පමණ නවතා දැමීමට තම සංගමයට හැකි වූ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

සමෘද්ධි
අධිකාරියට හා නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට මෙම පත්වීම් ලබාදීමට සැලසුම් කර තිබූ බවද එම මධ්‍යස්ථානය ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා පැවසීය.ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු විපක්‍ෂයේ හා පක්‍ෂයේ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනයට අදාළ කටයුතු කරන බවත්, මීට අමතරව අමාත්‍යාංශ මට්ටමින් පත්වීම් ලබාදීමෙන් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සිදුකරන බවත් හ‍ෙතෙම පවසා සිටියේය.
මේ නිසා සමබිමක පැවැත්විය යුතු මැතිවරණය එම තත්වයෙන් ගිලිහී ගොස් තිබෙන බවද මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
   -ඉන්දික හේවාවිතාරණ-