"ගෝඨාභය රාඡපක්ෂ මහතා සම්බන්ධව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ගොනු කළ නඩුව ඇමරිකානු අධිකරණය නිෂ්ප්‍රභ කළද ගෝඨාභය රාඡපක්ෂගේ වර්තමාන පුරවැසිභාවය තවමත් මතවාදයට ලක්ව
පවතිතැයි ඒ තීන්දුවේ සඳහන් වන බව" නව ප්‍රඡාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂිත සජීත් ප්‍රේමදාස මහතා බලයලත් ඡන්ද නියෝජීත සහ ඩිඡිටල් යටිතල පහසුකම් හා තොරතුරු පර්යේෂණ අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පෑවසීය.

ආණ්ඩුක්‍රම් ව්‍යවස්ථාව අනුව
ජනාධිපති වියහැක්කේ නාම යෝජනා ඉදිරිපත් කරන දිනයට රටේ පුරවැසියෙකු පමණක් බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කිරිමට රටේ ඕනෑම පුරවැසියකුට, ඕනෑම වෙලාවක අවස්ථාව තිබෙන බව නඩු තීන්දුවෙන් යළි තහවුරු විණයැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ-වොක්ෂෝල් විදියේ නව ප්‍රඡාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද කිවේය.
"ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී හැම පක්ෂයක්ම තම ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වමින් සිටිනවා. තව දින කිහිපයකින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාෂයත් එළි දැක්වීමට කටයුතු කරනවා.

ජනතාවත් මේ වෙලාවේ එක් එක් අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති පිළිබඳ උනන්දු වෙනවා. ඒ ඒ අපේක්‍ෂකයා වෙනුවෙන් වෙන වෙන අය කියන දේවල් නොව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන දේවල් පිළිබඳ ප්‍රධාන අපේක්ෂකයීන් දෙදෙනා මුහුණට මුහුණ විවාදයක් කළ යුතුයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්තිමය කාරණා පිළිබදව සගවෙන්නේ නැතුව මුහුණට මුහුණ විවාදයට එන්න කියා සජිත් ප්‍රේමදාස මහතා  සිය ට්විටර් ගිණුමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල ආරාධනාවක් කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියකු නිසා බිරිද - දරුවන් ඇමරිකානු පුරවැසියන් නිසා ඇමරිකානු පන්නයේ විවාදය භාර ගනීවි කියා මා විශ්වාස කරනවා.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ එවක පැවති රජය හා සම්බන්ධ සන්නද්ධ කල්ලියකින් බව රටේ සියලුම දෙනා දන්නවා. ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් රඡයේ ආරක්ෂක අංශ හා පුද්ගලයන් මෙ වනවිට අත්අඩංගුවට ගෙන සිටිනවා.

ලසන්ත ඝාතනය කිරිමට නියෝගය දුන්නේ කවුද
කියන කාරණය පිළිබද අධිචෝදනා ගොනු කිරීම තවත් වී නැති නිසාත්, පොලිසියේ සහ නීතිපති දෙපාර්තමෙන්තුවේ දැඩි ප්‍රමාදයක් තිබෙන නිසාත් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ඇමරිකානු අධිකරණයක නඩු පවරා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් වන්දි ඉල්ලා සිටියා.

සිද්ධිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා බැවින් ශ්‍රී ලංකාවේ අධිකරණයක මිස ඇමරිකානු අධිකරණයක නඩු අස්වන්න බලයෙක් නැහැ කියන ගෝඨාභය රාඡපක්ෂගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ තර්කය ඇමරිකානු අධිකරණය පිළිගත්තා.

එහි තේරුම ලංකාවේ අධිකරණයක නඩුව ගෙනියන්න පුළුවන් කියන කාරණාවයි. ඔබේ නඩුව නිෂ්ප්‍රභ වුණා කියලා පේන්නේ නැහැ.

ඝාතනය කළ කණ්ඩායම  ඝාතනය කරමින් විවිධ අවශ්‍යතා ඉෂ්්‍ය කළ කණ්ඩායමයි.  ඒ අය තමයි ලසන්තව මැරුවේ. උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් පැහැරගෙන සිහින් ඝාතනයට තැත් කළේ ඒ අයයි. ඒ ඉතිහාසය අපට අමතක වෙන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ දිසා අධිකරණයට ඒක අදාළ නැහැ.

නඩු තීන්දුවේ එක තැනක තියෙනවා ගෝඨාභය රාජපක්ෂගේ වර්තමාන පුරවැසිභාවය මතභේදයට ලක්වී ඇත කියා ඒ වගේම අභියාචනාධිකරණය දීපු තීන්දුවේ සඳහන් වෙනව. ගොඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ක්‍රියාවලිය ගැන පොලිසිය විසින් කරනු ලබන පරික්ෂාණවලට අභියාචනාධිකරණ තීන්දුව බාධාවක් නොවේ කියා.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති වෙන්න පුළුවන් නාමයෝජනා ඉදිරිපත් කරන දවසට රටේ පුරවැසියකුට පමණයි. කවුරු හරි අපේක්ෂකයකු ඉන්නවාං නම් ලංකාවේ පුරවැසියකු නොවුණ ඒ ගැන රටේ ඕනෑම පුරවැසියකුට ඕනෑම වෙලාවක ගැළපෙන අධිකරණයක් ඉදිරිපිට මතුකරන්න පුළුවන්කම තිබෙනවා" යැයිද ඔහු පැවැසීය.



(නිමල කොඩිතුවක්කු)