නැති බැවින් විවෘත කිරීම වහාම නැවැත්වීමට උපදෙස් දුන් බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා යටතේ පවතින දිස්ත්‍රික් පෑමිණිලි විමර්ශන කමිටුවේ නිලධාරීන් ගොඩනැගිල්ල
තිරීක්ෂණය කර තිබෙන අතර
මේ සළබන්ධයෙන් ජාතික මැතිවරණ කාර්යාලය අධ්‍යපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යැවූ බව ද ඔහු කීය.
කොළඹ ආනන්ද විද්‍යාලයට මහල් 7 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබන ලද්දේ එම පාසලේ ආදි ශිෂ්‍ය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2014 වසරේදීය.
කෙසේ වෙතත් එහි වැඩ ඇරඹුනේ අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ඇමති ධූරයට පත්වීමෙන් පසු රජයේ ප්‍රතිපාදන යටතේය. මෙම ඉදිකිරීම් අවසන් අදියරේ පවතිද්දී ළග එන මැතිවරණය ඉලක්ක කර ඇමති අකිල හා අගමැති රනිල් එක්වී මෙම විවෘත කිරීම සිදු කරන්නට අද (22) දිනය යොදාගෙන තිබූ අතර ඊට ආදිසිසු හා දෙමාපිය පිරිසක් විරෝධය පළ කර තිබුණි. මෙයට අමතරව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්ද ඔවුන් යොමු කළ අතර මෙම තහනම පැනවුනේ ඒ අනුවයි.