ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවන් අද (01) මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කෙරිණි.
ඔහු තරග කරනු ඇත්තේ ජවිපෙ ලකුණ වන
සීනුවෙන් නොවේ.
ජාතික ජනබල ව්‍යාපාරය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන හෙයින් එම පක්ෂයට ජනාධිපතිවරණයේදී තරග කිරීම සඳහා මැතිවරණ කොමිසම පිළිගන්නා ලංඡනයක් තෝරා ගැනීමේ අවස්ථාව හිමිවේ.
ඒ අනුව තෝරාගත් අයට නාමයෝජනා වලට අත්සන් තබන දින
එම ලකුණ හෙළි කරනු ඇත.
පක්ෂ හා සංවිධාන ගණනාවකින් සමන්විත ජාතික ජන බලවේගය ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොවන අතර අනුර දිසානායක මහතා ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික ජනබල ව්‍යාපාරයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.
ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට අනුර කුමාර මහතා එක්වූයේ නැත
ජවිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, මහාචාර්ය චන්දන අබේරත්න මහතා, නීතීඥ සුනිල් වටගල මහතා, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා, නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා, මහින්ද රත්නායක මහතා, මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය, නජාම් මොහොමඩ් මහතා (NFGG), පාර්මේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.