රට තුළ කිසිදු අන්තවාදී කණ්ඩායමකට භෞතිකව, මතවාදී ලෙස හෝ ක්‍රියාකාරිත්වයෙන් නැගීසිටීමට ඉඩ ලබා නොදෙන බවත්, ඒ තුළින් ජාතික සමගිය ගොඩනැගීමේ පළමු පියවර තබන බවත් ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර
දිසානායක මහතා පැවසීය.දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (12දා) තලවතුගොඩ මොනාචි හෝටලයේ පැවැති නීතිඥ සංසදයේ හමුවකට එක්වෙමිනි..  එහිදී සිය අදහස් දැක්වූ දිසානායක මහතා,"රටක් ගොඩනගනවා කියන්නේ තනි පුද්ගලයෙකුගේ ඉන්ද්‍රජාලික වැඩක් නොවෙයි. එය සාමූහික්ම ප්‍රයත්නයක්. මම එම සාමුහික ප්‍රයත්නයේ කොටස්කරුවෙක්. නියෝජනය කරන ඕන තනි පුද්ගලයෙක්
නිසයි නියෝජනය තනි පුද්ගලයෙක් ලෙස වෙන්නේ.
අද මෙතනදී අපට පැහැදිලි කළා මේ අධිකරණ පද්ධතියේ තියන ඇතුළාත්තය. අපි මෙතනට කැදෙව්වොත් බස් කොන්දොස්තර මහත්මයෙක්. ඔහුවත් කියන්න තියනවා ඔහු නියෝජනය කරන ක්‍ෂේත්‍රය පිළිබඳ විශාල ඛේදවාචකයක්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් කැඳවුවොත් ඔහුටත් කියන්න තියනවා ඔහුගේ ක්‍ෂේත්‍රෙයේ පිළිබඳ එවැනිම විශාල ඛේදවාචකයක් ගැන. අපට කවර ක්‍ෂේත්‍රයක අය හමුවුණත් ඔහුට කියන්න තියෙනවා තමන් නියෝජනය කරන ක්‍ෂේත්‍රය පිළිබඳ විශාල ඛේදවාචක කතාවක්. අපි මෙය අවසන් කළ යුතු නැද්ද? අපේ ප්‍රධාන අපේක්ෂාව, අරමුණ වී තිබෙන්නේ මේ විශාල ඛේදවාචකය අවසන් කිරීමයි.අපට ආර්ථිකය පිළිබඳ විවාද තියෙන්න පුළුවන්. රාජ්‍ය අංශය පවත්වා ගෙන යනවද අත්හරිනවද කියන එක පිළිබඳ විවාද තියන්න පුළුවන්. හැබැයි අපට ප්‍රධාන දේවල් තුනක් පිළිබඳ විවාද තියෙන්න බෑ. පළමු එක, නීතියේ විධානයේ ආධිපත්‍ය අද තිබෙන්නේ කොතනද? අද තිබෙන් ධනවත් බලවත් අයට නීතිය ක්‍රියාත්මක නොවන, දුප්පත් දුබල අයට නීතිය ක්‍රියාත්මක වන තත්වයක ඒ නිසා අපේ රට ගොඩනැගීම් පළමු පියවර ධනවත්ද දුප්පත්ද කියලා නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම. හැම දෙනාම නීතියට යටින් සිටිය යුතුයි.
ඉතිහාසයේ අපි දැක්කා සමහර නීතියට උඩින් කටයුතු කරපු ආකාරය. එහිදී පරීක්‍ෂණ ආයතන ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්න්තුමේන්තුව හා අධිකරණය යන මෙම ආයතන තුන ප්‍රතිසංස්කරණය කළ යුතුයි.දෙවැනි එක,
වංචාව, දූෂණය හා නාස්තිය අවම කිරීම. ඒ ගැන අපට විවාදයක් තියන්න බෑ. තුන්වැනි පියවර ජාතික ආරක්ෂාව හා ජාතික සමගිය. රටක ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන 2ක් තියෙනවා. එකක් අභ්‍යන්තර ආරක්ෂාවට එල්ල වන තර්ජන, ඒවා ගැටුම් හා කෝලාහල තත්වයන් මත ඇති විය හැකියි. දෙවැනි එක විදේශීය ආක්‍රමණයන් හරහා අපේ ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන.මෑත කාලයේ ගත්තොත් අපේ රටට විදේශීය සන්නද්ධ හමුදාවක ආක්‍රමණයක් එන්නේ නෑ. අපට තියෙන්නේ
අභ්‍යන්තර ආරක්ෂාවේ තර්ජනයක් තර්නජනයේ ස්වභාවය අනුව තමයි පියවර ගන්නේ. ඔබ හිතනවද අපට යළි ලංකාවේ ආණ්ඩුව සමග මුහුණට මුහුණ සටන් කරන සන්නද්ධ යුද්ධයක් ඇතිවෙයි කියලා. එහ‍ෙම යුද්ධයක් ඇති ව‍ෙන් නෑ. ඊට තියන ඉඩකඩ අඩුයි. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බැදී තිබුණේ සිංහල මුස්ලිම් ගම්මාන වෙන් කරන තැන. තර්ජනය කුමක්ද? ජන කොට්ඨාසයක් තුළ ආගමික අන්තවාදී කණ්ඩායම් නිර්මාණය වී අනෙක් ජන කොට්ඨාසයන්ට එල්ල කරන ලද ප්‍රහාරයන්, තර්ජනය තියන්නේ එතන. දකින දකින තැන යුද රථ හා හමුදා සෙබළු යොදවලා ඉන්නවා දැක්කම අපට දැනෙන හැගීම රට ආරක්ෂිත නෑ කියන හැඟීම. සමහරු කැමතියි එහ‍ෙම ආරක්ෂාවකට. හැබැයි අපේ ආරක්‍ෂාව එහෙම එකක් නෙමෙයි, අපේ ආරක්ෂාව තුළ කිසිදු අන්තවාදී කණ්ඩායමකට භෞතිකව, මතවාදී ලෙස හෝ ක්‍රියාකාරියන් නැගීසිටීමට ඉඩ ලබා නොදීම අපේ පළමු පියවරයි.අපේ රටේ පාරේ බැරියර් නැති, හමුදා බට කණ්ඩායම් නැති ආරක්ෂාවක් නිර්මාණය කිරීම තුළින් අපේ රටේ ජාතික සමගිය ගොඩනැගිය හැකියි" යනුවෙන්ද පැවසීය.