වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රකාශයක් සහ රුව සහිතව ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවර්ධනය කරමින් පසුගිය සති අන්ත පුවත්පත් කිහිපයක පළ කළ දැන්වීම
සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් කරන්නැයි ඉල්ලමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මානව හිමිකම් කොමිසමට, ජනාධිපති ලේකම් කාර්යාලයට හා ආරක්ෂක අමාත්‍යාංශයට ලිඛිත පැමිණිල්ලක් කර ඇත.

මෙවැනි සිදුවිමක දී අවවාද කිරීම්වලින් ඔබ්බට ගොස් අවසානාත්මක තීන්දුවක් ගත යුතු යැයි ද මැතිවරණය නිරික්ෂණ සංවිධානයක් හැටියට මෙසේ ලිඛිතව පැමිණිලි කිරිමට කටයුතු කළේ ඒ නිසා යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගඡනායක මහතා ඊයේ (24) පැවැසීය.

අදාළ දැන්වීම පළකළ පාක්ෂයේ අනන්‍යතාව සම්බන්ධයෙන් දැන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇතැයි කී හෙතෙම එය හෙළිදරව් කරගැනීම අනාගත මැතිවරණ ක්‍රියාවලියේ සුපිළිපත්තභාවයට අත්‍යවශ්‍ය යැයි ද  අවධාරණය කර කීය.

මැතිවරණවල දී කෙරෙන සීමා මායිමක් නොදන්නා ප්‍රචාරණ විසඳුම් වර්තමානය වනවිට ප්‍රඡාතන්ත්‍රවාදයත් මහජන කැමැත්තත් විකෘති කරන තැත දක්වා ගමන් කර ඇතැයි ද ගජනායක මහතා සඳහන් කළේය.

වජතමාන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම, ඡායාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුවත්පත් දැන්වීමක් පළකිරිම් මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් නව
රඡාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා විසින් පසුගිය 14 වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කරනු ලැබ තිබිණි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඒ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පැවසුවේ විජිතමාන යුද හමුදාපතිවරයාගේ මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරිගේ නිල ඇදුම් සහිත ඡායාරූප දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම නුසුදුසු ක්‍රියාවක් යැයි ද එම දැන්වීම තමන්ගේ අනුදැනුමකින් තොරව පළ කළ එකක් යැයි යුද හමුදාපතිවරයා ද ප්‍රකාශයක් කර තිබූ බවය.

බිඟුන් මේනක ගමගේ