බණ්ඩාරගම ජාතික පාසල අසල පදික මාරුවෙන් පාසල්  සිසුවකු අනතුරට ලක් කර මරණයට පත් කළ කැබ් රථය දිනකට පසු එහි රියැදුරු ද සමග ඉකුත්වූ (16) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එම කැබ් රථය අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් එකක් බව පොලිසිය කියයි.

නොච්චියාගම් පහළ හල්මිල්ලෑව පදිංචිව සිටි මියගිය පාසල් සිසුවා ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අයකු බව පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක රංජිත් ගමගේ මහතා අධි පැය රාජකාරියෙහි යෙදෙමින් නිලධාරීන් පරීක්‍ෂාවේදී යෙදී සිටියදී සුදුපාටට හුරු කැබ් රථයක් කළුතර දෙස සිට බණ්ඩාරගම් දෙසට ධාවනය චන අයුරු නිරීක්‍ෂණය කර ඇතැයි පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා පොලිස් සැරයන් 37199 සම්පත් නිලධාරියාගේ සහායෙන් කැබ් රථය නවතා  පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව එහි රියැදුරුගෙන් සිදු කළ මූලික ප්‍රශ්න කිරීමේදී පෙර දින ඔහු අතින් අනතුර වූ බව පිළිගත් බව පොලිසිය කියයි.

සිදුවූ අනතුරින් පසු කළුතරට ගොස් සහකාර කොමසාරිස්වරයකු කැබ් රථයේ නංවාගෙන නැවත බත්තරමුල්ලට ගිය බව සැකකරු කළ ප්‍රකාශයක සඳහන් වේ.

අනතුරින් කැබ් රථයේ ඉදිරිපස, පිටුපස ප්‍රධාන ලාම්පුව බිඳී ගිය බවත් ගවයකු හැපී කැඩී ගිය බව පසා එය බත්තරමුල්ල ගරාජයකින් අලුත්වැඩියා කරගත් එම් සැකකරු කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල වැලිවිට පදිංචි 57 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්ලිව්.එල්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත රළු වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රංජිත් ගමගේ, පොලිස් සැරයන් 37199 සම්පත්, පොලිස්
කොස්තාපල් 68103 නාමල්, 90418 ගුණරත්න මහත්වරු පරීක්‍ෂණ පවත්වති.


බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ