මිනුවන්ගොඩ කොළඹ. රාගම කොළඹ පෞද්ගලික බස් රථවල හිමිකරුවන් ගෙන්වා මත්කුඩු භාවිත කරන රියැදුරන්ට හා ආදොස්තරලාට බස් රථ බාර නොදෙන
ලෙසට දැනුම් දීමට කටයුතු කරගෙන යන බව පොලිස් මුලස්ථානය කියයි.

මෙම මාර්ගවල බස් රථවල රියැදුරන් හා කොන්දොස්තරලා විශාල වශයෙන් මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින බවට හෙළිවීම නිසා වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත් සිලෝගම මහතා මෙම ක්‍රියාමාර්ගය
ගෙන ඇති බව සඳහන් වේ.

මෙවැනි පුද්ගලයන්ට බස් රථ දීමෙන් බස් රථ හිමිකරුවන් විශාල වරදක් කරන බවත්, බස් රථ ධාවනය සඳහා පුද්ගලයන්ට දීමේ දී ඔවුන් පිළිබඳව හොඳින් සොයා බලා කටයුතු කළ යුතු බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මසක පමණ කාලයක් පුරා ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම් බස් රථ පරික්ෂා කිරීමේ දී එම බස් රථ තුළ සිට මත්කුඩු පානය කළ රියැදුරු, කොන්දොස්තර 15 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් වැඩිම පිරිසක් මිනුවන්ගොඩ-කොළඹ බස්රථවල බවද පොලිසිය පවසයි.

සෙසු පිරිස රාගම-කොළඹ බස් රථ සේකයත් බවද පොලිසිය කියයි.

මත්කඩු පානය කරන බොහෝ රියැදුන් නිතර නිදා වැටෙන බවත් ක්ෂණිකව ඇස් පියවීම අනතුරු බොහෙමයකට හේතුව බවත් පොලිසිය පෙන්වා දෙයි.

මෙම තත්වය වළක්වා ගැනීම සඳහා මත්කුඩු භාවිත කරන රියැදුරන් හා කොන්දොස්තරලාට බස් රථ බාර නොදෙන ලෙසට හිමිකරුවන්ට දැනුම් දෙන බව ද පොලිසිය පවසයි.

මෙවැනි රියැදුරන් හා කොන්දොස්තරලා සබන්ධනයන් මාරිගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය බලධාරින් දැනුවත් කර ඇති බවද මත්කුඩු ලෝලීන් වන මොවුන්ගේ බලපත්‍ර අහෝසි කරන ලෙසද මගී ප්‍රවාහන අධිකාරියන් ඉල්ලීමක් කරන බවද පොලිසිය කියයි.

(ඉන්දිකා රාමනායක)