උපරීම සිල්ලර මිලක් පැන වූ අයිතම අතරින් පොල් ඉවත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පාරීභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබේ.

ඔක්තෝබර් 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කළ අයිතම අතරීන් පොල් ඉවත් කර ඇත.
පොල් සඳහා
උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය2017/12/06 වැනිදා නිකුත් කිරීමට කටයුතු කර තිබිණි.  ඒ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් වන අතර.. එහිදී පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75ක් බවට නියම කළේය.
කෙසේ නමුත් මේ වනවිට වෙළෙඳ පොළ තුළ සැලකිය යුතු මට්ටමකින් පොල් මිල පහළ ගොස් තිබේ.