පෙරේදා (23දා) හෝමාගම නගරයේ පැවැති ජන නියමු කලාකරුවන්ගේ ජන රැළියේදී අදහස් දැක්වූ ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය,"අද කාන්තාවෝ විශාල පීඩනයකට.
පත්වෙලා ඉන්නවා. ගෙදර ආර්ථිකයේ විශාල වගකීමක් කාන්තාවට පැවරීලා තියනවා. ඒවට අද රට පත්වෙලා තියෙනවා. ජනතාවගේ දුක හඳුනන ජනතාවගේ අවශ්‍යතා හොදින් තේරුම් ගත්ත නායකයක් තමයි ජාතික බලවේගයන් ඉදිරිපත් කරල තියනේනේ. ඒ නිසා තවදුරටත් හොරකමට වංචාවට ඉඩදෙනවද
කියල තාව හිතන්න ඕන.

පසුගිය වසර ගණනාවක් තිස්සේ සිදුවුණු දේවල් ජනතාව දැක්කා. අනාගතේ ගැන විශ්වාසයක් තියන්න බැරි යුගයක අපි ඉන්නේ. කලාකරුවෝ හැටියට අපි ජනතාව විවිධ ක්‍රමවලින් පිනවනවා, අපේ නිර්මාණ දැකල ජනතාව අපි අගය කරනවා. නමුත් තාමත් ජනතාව එතනමයි. අපිට අවශ්‍ය වෙලා තියනව හොඳ සෞදර්යාත්මක පුද්ගලයෙක් බිහි කරන්න. එතනදි සුඛිත මුද්‍රිත වූ ජනතාවක් බිහි කිරීමට ජාතික ජනබලවේගය සෞන්දර්යාත්මක ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරල තියනවා, අනික ජාතික ජනබලවේගය කියන තනි පුද්ගලයෙක් නෙවෙයි . ඒ වටා විශාල පිරිසක් ඉන්නව. ඒ නිසා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා කියන හැමදේකටම වග කියන විශාල පිරිසක් ඉන්නවා. ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ නායකයට ජාතික සෟන්දර්යාත්මක ප්‍රතිපත්තියක් තියෙනවා" යැයි පැවසුවාය. 
              -හෝමාගම - සමන්ප්‍රිය දොලමුල්ල-